Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අගමැතිනිය සමඟ සාකච්ඡා අසාර්ථකයි – ගුරු සංගම්වල 30 වැනිදා වැඩවර්ජනය ස්ථිරයි

ගුරු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ලබන 30 වැනිදා දීප ව්‍යාප්ත අසනීප නිවාඩු සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සහ පවතින් ගැටළු විසඳා ගැනීම සම්බන්ධයෙන් අද එම සංගම්හි නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක්, අද (25) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කැඳවා තිබුණා.

අග්‍රාමාත්‍යවරිය සහ එම වෘත්තීය සංගම අතර සාකච්ඡාව පැය 03කට ආසන්න කාලයක් පැවති අතර, සාකච්ඡාවෙන් පසු පිටතට පැමිණි, වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ එම සාකච්ඡා අසාර්ථක වූ බවයි.

ඒ අනුව, සැලසුම් කළ පරිදි ලබන 30 වැනිදා සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට එළඹෙන බව ද ඔවුන් සඳහන් කළා.