මෘදුකාංග කේත (Code) පරීක්ෂා කිරීම, දෝෂ නිවැරදි කිරීම සහ කේත වෙනස්කම් ස්වයංක්‍රීයව අනුමත කිරීම සඳහා Claude Ship නමින් නව කෘත්‍රිම බුද්ධි මෙවලම් සමූහයක් හඳුන්වා දීමට Anthropic සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මෘදුකාංග සංවර්ධන කණ්ඩායම් විසින් සකස් කරනු ලබන ප්‍රතිපත්තිවලට අනුව කේත වෙනස්කම් ස්වයංක්‍රීයව අනුමත කිරීමේ හැකියාව ද මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිය සතු වෙනවා.
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් විශාල ප්‍රමාණයක මෘදුකාංග කේත නිර්මාණය කිරීමේ හැකියාව ඉහළ ගොස් ඇති පසුබිමක, ඒවා පරීක්ෂා කිරීම සහ අනුමත කිරීම සඳහා ගතවන කාලය අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
Claude Ship පද්ධතිය Code Review, PR Steward සහ Claude Approvals යන ප්‍රධාන මෙවලම් තුනකින් සමන්විත වෙනවා.
Code Review මගින් මෘදුකාංග කේත පරීක්ෂා කිරීම සිදු කෙරෙන අතර, PR Steward මගින් කේත ඒකාබද්ධ කිරීමේදී මතුවන ගැටලු සහ පරීක්ෂණවලදී හඳුනාගන්නා දෝෂ නිවැරදි කිරීම සිදු කෙරෙනවා.
Claude Approvals මගින් සංවර්ධන කණ්ඩායම් විසින් නියම කරනු ලබන ප්‍රතිපත්තිවලට අනුව කේත වෙනස්කම් ස්වයංක්‍රීයව අනුමත කිරීමට හැකියාව පවතින බවයි Anthropic සමාගම සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙම නව මෙවලම් තවමත් පර්යේෂණාත්මක (Beta) මට්ටමේ පවතින බැවින්, ස්වයංක්‍රීය අනුමැතිය ලබාදීමට පෙර එහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ද සමාගම නිර්දේශ කර තිබෙනවා.
එමෙන්ම, මාසික වියදම් සීමා නියම කිරීමට සහ මානව මැදිහත්වීම අවශ්‍ය කේත වෙනස්කම් හඳුනා ගැනීමට ද සංවර්ධන කණ්ඩායම්වලට අවස්ථාව හිමිවනවා.
GitHub වේදිකාව භාවිත කරන Claude Team සහ Enterprise සේවා සැලසුම්වල පරිශීලකයින් සඳහා මෙම නව පහසුකම ලබාදීමටයි Anthropic සමාගම පියවර ගෙන තිබෙනවා.










