පසුගිය දින 22 තුළ එක් ලක්ෂ 50,000 කට අධික විදේශිය සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන මගින් හෙළිවු තොරතුරුවලට අනුව, නොවැම්බර් මාසයේ ගතවූ දින 22 තුළ විදේශිය සංචාරකයින් 156,627 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තාවෙනවා.
එම කාලසීමාව තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 47,338ක් බවට වාර්තාවෙනවා. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් වෙනවා.
රුසියාවෙන් එම කාලසීමාව තුළ සංචාරකයින් 14,744 දෙනෙකු පැමිණ තිබෙන අතර, ඒ අනුව දෙවන ස්ථානය එරටට හිමිවෙනවා.
එමෙන්ම, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,628 දෙනෙකු, ජර්මනියෙන් 9,504 දෙනෙකු සහ චීනයෙන් 8,640 දෙනෙකු එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.










