Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රේගුවේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් එක්සත් රාජධානිය සමඟ අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රේගුවේ ධාරිතා සංවර්ධනය සහ තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව (HM Revenue and Customs – HMRC) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණු සහ ප්‍රතිලාභ-වෙළෙඳාම පහසු කිරීම – ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) වෙළෙඳාම පහසු කිරීමේ ගිවිසුම (Trade Facilitation Agreement) ක්‍රියාත්මක කිරීමට අදාළව ධාරිතා සංවර්ධනය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා විධිමත් රාමුවක් ස්ථාපනය කිරීම මින් අපේක්ෂා කරනවා.

තාක්ෂණික සහයෝගීතාව සහ දැනුම හුවමාරුව – මෙම ගිවිසුම හරහා විශේෂ පුහුණු වැඩමුළු, තාක්ෂණික උපදෙස්, දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සහ විදේශීය ඉගෙනුම් සංචාර ශ්‍රී ලංකා රේගුව වෙත හිමිවන බවයි සඳහන් වන්නේ.

නවීන රේගු ප්‍රවේශය – ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු කටයුතු කාර්යක්ෂම කිරීමට සහ ජාත්‍යන්තර වෙළෙඳාම වඩාත් පහසු කිරීමේ නවීන ප්‍රවේශයන් කරා යොමු වීමට මෙම සහයෝගීතාව ශ්‍රී ලංකා රේගුවට මහඟු පිටුවහලක් වන බවත් සඳහන් වනවා.