මෙරට තැපැල් සේවා ඉතිහාසයේ පළමු වරට මේ වසරේ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) ආදායම රුපියල් බිලියන 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම සුවිශේෂී ආදායම් වර්ධනය අත්කර ගැනීමට හැකි වී ඇති බවයි සඳහන් වෙනවා.
2025 සහ 2026 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා තැපැල් සේවය සිය ඉලක්කගත ආදායම් සීමාවන් ඉක්මවා යාමට සමත්ව තිබෙනවා.
මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ටැබ්ලට් පරිගණක 1,500ක් ලබා දීමට රුපියල් මිලියන 101ක් ද, තැපැල් කාර්යාල සඳහා නව පරිගණක 225ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 74ක් ද වශයෙන් රජය විශාල ආයෝජනයක් සිදු කර තිබුණා.
ලෝකයේ ඇතැම් රටවල් සාම්ප්‍රදායික තැපැල් සේවාවන් වසා දමමින් සිටින පසුබිමක, ශ්‍රී ලංකා තැපැල් ජාලය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී ඇති බවයි සඳහන් වන්නේ.
සේවක වැටුප් සහ දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වුවද, වාණිජමය වශයෙන් වඩාත් ලාභදායී නව සේවාවන් හඳුන්වා දෙමින් තැපැල් දෙපාර්තමේන්තුව ස්වයංපෝෂිත, ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඉදිරියේදී තවදුරටත් පියවර ගන්නා බව සඳහන් වෙනවා.










