කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කවලට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින්, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා 02 වැනි අදියරේ (අවධානයෙන් සිටිය යුතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් කලාපවල වෙසෙන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව දන්වා තිබෙනවා.
ඒ වගේම අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටින ලෙසද දැනුම් දී තිබෙනවා.










