එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමය දැනුම් දෙනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (24) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලිඛිතව අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන 30 වනදා විභාග පැවැත්වෙන දිනයක් බවත්, විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බවයි ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ.
ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් නිසි අවදානයක් නොගැනීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සභාපතිත්වය දරණ ලංකා ගුරු සේවා සංගමය හැර අනෙකුත් සියලුම ගුරු විදුහල්පති සංගම් එළඹෙන සඳුදා (30) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට කැමැත්ත පළකර ඇති බවත් ජෝසප් ස්ටාලින් ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.
