Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් සබඳතාවට වසර 100ක් සපිරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සබඳතාවට වසර 100ක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, 2027 පෙබරවාරි 12 වැනිදා නවසීලන්තයේ වෙලින්ටන්හිදී ආරම්භ වන දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගයට සමගාමීව මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිත බවට වාර්තාවෙනවා.

ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ MCA ( Mercantile Cricket Association) පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සබඳතාවට වසර 100ක් සපිරීම නිමිත්තෙන් වන විශේෂ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් 100 දෙනෙකු සඳහා දින 11ක නවසීලන්ත සංචාරයක් සහ 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළත් අර්ජුන රණතුංගගේ කණ්ඩායම හා නවසීලන්ත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ප්‍රදර්ශන තරගයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර ව්‍යාපාරික සබඳතා සහ සංචාරක ප්‍රවර්ධනය ද වැඩසටහනේ අරමුණු අතර වෙනවා.