සීදුවේ වෙඩි තැබීමක්

සීදුව, බේස්ලයින් පාරේ දී වාහනයක් පරීක්ෂා කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගිනිඅවි භාවිතයෙන් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබේ.

ඊයේ (17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෙඩි තැබීමෙන් වාහනය තුළ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුවන විට එම මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති බවත් එම ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15