Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වන සතුන්ට ඇද්ද අනවසර විදුලි රැහැනේ පැටලී තරුණයෙකු ජිවිතක්ෂයට

හම්බෙගමුව ලගින ගල ප්‍රදේශයේ වෙල්යායක් තුළ අනවසරෙන් දමන ලද විදුලි රැහැනකට හසු වී විසි තුන් හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා විවාහක පුද්ගලයෙකු වන අතර කොටවෙහෙර මංකඩ, ගල්හිරා මංකඩ පදිංචිකරුවෙක් බවට තොරතුරු වාර්තාවෙනවා.

අනවසර විදුලි රැහැනේ මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ වෙල්යායක් වන අතර ඌරන් පැමිණෙන නිසා වගා හානි කිරීම අවම කර ගැනීමට එම විදුලි රැහැන ඇද ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

අදාල ඉඩමේ හිමිකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්