Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉල් පුර පසළොස්වක පොහෝ දා නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක්

ලේ දන්දීමේ කඳවුරක් නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ දී සංවිධානය කර තිබෙනවා.

ඉල් පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන හෙට (24) දිනයේ දී මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කර ඇති අතර, උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා මෙම කඳවුර පැවැත්වෙනවා.

මෙය සංවිධානය කරන්නේ නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ “ශ්‍රී සුචරිත වර්ධන ආදිශිෂ්‍ය සංගමය” විසින්.

උතුම් ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගන්න පරිත්‍යාගශීලි ඔබට ඉතා කාරුණිකව ආරාධනා කරනවා.