Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තමන් නිවැරදිකරුවන් බව යෝෂිත සහ කරන්නාගොඩ අධිකරණයට කියයි

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අය අද (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා විවෘත අධිකරණයේ දී විත්තිකරුවන්ට කියවා දෙනු ලැබුවා.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර සිටියා.

2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.