Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොළඹ – නුවර පාර අද රාත්‍රියේ කඩුගන්නාවෙන් වැසේ

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා තාවකාලිකව වසා තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින ගල් ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා තබන බවයි ඔහු සඳහන් කළේ.

ඒ, අනුව මාර්ගය වසා තැබෙන කාලසීමාව තුළ දී= විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙනවා.