Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මත්පෙති විකිණූ දොස්තර මත්පෙති තොගයක් සමඟ පොලිස් දැලේ

මත්පෙති තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වෛද්‍යවරයෙක් හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ හලාවත නගරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථයේ තිබී මත්පෙති 10 බැගින් අඩංගු කාඩ් 1000ක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙම සැකකාර වෛද්‍යවරයා හලාවතට ආසන්න ප්‍රාදේශීය රෝහලක සේවය කරන අයෙකු බවට හදුනාගෙන ඇති අතර, ඔහු ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ස්ථානයට පැමිණෙන තරුණයින් ඇතුළු හිතවත් අයට ඔහු මෙම මත්පෙති අලෙවි කිරීම සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.

හලාවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.