Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරු හයදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරුකර යැවීමට පියවර ගෙන ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර යවා තිබෙනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරුකර යැවීමටයි පියවට ගෙන ඇත්තේ.

මේ අතර මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයට මාරුකර යවා ඇති අතර, පොලිස් සුබසාධන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.