සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හැකිවුණා.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොරව් නිමාවූ නිසා, මෙම තරගය ජයගත් පාකිස්ථානය තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණයි.
ඒ අනුව, සිය පිළිතුරු ඉනිම වෙනුවෙන් ශ්‍රී පාකිස්ථානය ලකුණු 325ක් රැස්කර ගත්තා.
පාකිස්ථාන පළමු ඉනිමට වඩා, ලකුණු 227ක් පිටුපසින් සිය දෙවනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවනි ඉනිම සඳහා ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවුණේ නැහැ.
කෙසේ වෙතත්, සොනල් දිනූෂ, නායක කුසල් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක විසින් රැස්කර ගත් අර්ධ ශතකත් සමඟ, ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 316ක් රැස්කර ගත්තා.
ලකුණු 90ක ඉලක්කය හඹා ගිය පකිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක් පමණක් ලබාදෙමින් තරගයෙන් කඩුලු 08ක ජයක් අත්කර ගත්තා.
ඒ, තරගයේ තවත් දින එකහමාරකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී යි.
