මාතලේ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් පසු අද (20) අලුයම මියගොස් තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී අලුයම 12.45ට පමණ මෙම සැකකරු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, අම්පිටිය, දිලෙනගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු ඊයේ (19) මාතලේ හිත්ගොල්ල ප්‍රදේශයේදී අයිස් මිලිග්‍රෑම් 3,010ක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
