ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, චීනයේ Shenzhen නගරය වෙත පැමිණ තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඩොනල්ඩ් ට්රම්ප්ව පිළිගැනීම සඳහා අද (18) පස්වරුවේ Shenzhen ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
APEC ආර්ථික නායක සමුළුව සඳහා එක්වීම ජනපති ට්රම්ප්ගේ මෙම සංචාරයේ ප්රධාන අරමුණයි.
එමෙන්ම මෙහිදී චීන සහ රුසියානු නායකයින් සමග විශේෂ හමුවකට එක්වීමට ද ට්රම්ප් සූදානමින් සිටින බව තහවුරු කර තිබෙනවා.










