Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සාමනේර හිමිනමකට අතවර කිරීමේ වරදකට චීවරධාරියෙකුට වසර 14ක සිරදඬුවම්

අම්පාර ප්‍රදේශයේ විහාරස්ථානයක සාමනේර හිමිනමකට අතවර කිරීමේ වෝදනාවකට වරදකරු කළ චීවරධාරියෙකුට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 14 ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද තහවුරු කළා.

එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර චීවරධාරියා විසින් ඉදිරිපත් අභියාචනාධිකරණයක් ඉවත දමමන් පී. කුමාරන්රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අම්පාර මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව තම අධිකරණයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති බැවින් අදාළ දඬුවම තහවුරු කරමින් විත්තිකරුගේ අභියාචනය ඉවත දමන බවත් තීන්දුවේ සඳහන් වුණා.

විත්තිකරු විසින් අදාළ සාමණේර හිමි සම්බන්ධයෙන් තමා වෙත පැවරී තිබූ අධිකාරි බලය සහ විශ්වාසය අයුතු ලෙස පරිහරණය කරමින් මෙම අපරාධය සිදු කර තිබෙන බවත් විනිසුරුවරු සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

අපරාධය සිදු වන විට වින්දිත දරුවාගේ වයස අවුරුදු 11 ක් පමණ වී ඇති බවත් සඳහන්.

අදාළ චෝදනාවට වැරදිකරු කිරීමෙන් අනතුරුව අදාළ චීවරධාරියාට අම්පාර මහාධිකරණය විසින බරපතළ වැඩ සහිත වසර 14 ක සිරදඬුවමක් නියම කළ අතර රුපියල් 40,000 ක දඩයක් නියම කළා.

ඊට අමතරව වින්දිත දරුවාට රුපියල් 500,000 ක වන්දියක් ගෙවන ලෙසත් නියෝගයේ සඳහන් වුණා.

එම දඬුවමින් තමන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර චීවරධාරියා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.