Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පන්දු යැවීමේ ප්‍රමාදයට ශ්‍රී ලංකාව හා පාකිස්තානයට ප්‍රසාද ලකුණු අඩුවෙයි

රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරඟයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු 15ක් සහ පාකිස්තානයට ප්‍රසාද ලකුණු 5ක් අහිමි කර තිබෙනවා.

ඊට අමතරව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් සහ පාකිස්තාන ක්‍රීඩකයින්ට තරඟ ගාස්තුවෙන් 25%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති බවට වාර්තාවෙනවා.

කාලය සඳහා ලබාදුන් සහන සලකා බැලීමෙන් අනතුරුව සිදුකළ ඇගයීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර 15ක් ද, පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 5ක් ද අඩුවෙන් යවා ඇති බව තහවුරු වී තිබෙනවා.

එම දඬුවම් එමිරේට්ස් ICC ජාත්‍යන්තර තරඟ තීරක මණ්ඩලයේ ඩීන් කොස්කර් විසින් පනවා ඇති අතර, ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සහ පාකිස්තාන නායක බාබර් අසාම් චෝදනා පිළිගෙන ඇති බවටත් වාර්තාවෙනවා.