Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවුලපිටිය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානයට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවයක්

ගින්නෙන් හානිවු දිවුලපිටිය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානය වහාම ඉවත්කරගන්නා ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

පසුගිය 15 දින උදෑසන 11ට පමණ දිවුලපිටිය වැව ගෙදර ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානයක ඇතිවු ගින්නෙන් එම වෙළෙඳසැල හානියට පත්වුණා.

ඒ අතර අද දින දිවුලපිටිය වැව ගෙදර ප්‍රදේශවාසීන් එකතු වී එම ඉලෙක්ට්‍රොනික් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණා.

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මධ්‍යස්ථානය එම ප්‍රදේශයෙන් ඉවක් කර ගන්නා ලෙසට ගම්වාසින් ප්‍රකාශ කරනවා.

අද උදෑසන 8 ට පටන්ගත් විරෝධතාවය දවල් 12 වෙනතුරු පැවැත්වුණා.

මෙම විරෝධතාවය අනතුර දී ප්‍රදේශවාසීන් සහ දිවුලපිටිය පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වුවත් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ජනක විකුම් එම ස්ථානයට පැමිණ කියා සිටියේ මෙම ගින්න නිමා දැම්මාට පසු මෙම ආයතනය මෙම ප්‍රදේශයේ පවත්වාගෙන යන්න දෙන්නේ නැතිට පොරොන්දුවෙන බවයි. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් සාමකාමිව විසිර ගිය බවට වාර්තාවෙනවා.