තංගල්ල වීරකැටිය ප්‍රදේශයේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “ලාරා” නැමැත්තාට අයත් තෙමහල් නිවසක් ඇතුලු රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කිරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී විරෝධී වත්කම් විමර්ශන ඒකකය ප්‍රකාශ කරනවා.
අදාල දේපල පිළිබඳව මහාධිකරණ වෙත වාර්තා කර දේපළ මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව නිසි ලෙස දැනුම් දීමට නොහැකි උවහොත් අදාල දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බවද එම ඒකකය නිවේදනය කරනවා.
මේ සම්බන්ධයෙන් සැකකරුවකුද අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තාවෙනවා.
