රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචිරුවෙකු වන අතර, අනෙක් ගුවන් මගියා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් 11/16 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ “ජැක් ඩැනියෙල් ” වර්ගයේ විස්කි බෝතල් අඩංගු පෙට්ටි 04 ක් තුළ , එම බෝතල් ඉවත් කර, පැකැට් 04 ලෙස සකස් කර , මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 ග්‍රෑම් 664ක ප්‍රමාණය සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් දෙදෙනා 11/16 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.
