Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශිරාන් බාසික්ට එරෙහිව තවත් දින 90ක රැඳවුම් නියෝගයක්

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙන බවට වාර්තාවෙනවා.

රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් ඇතුළු දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිවස ඇතුළු දේපොළ විකිණීම, පැවරීම වළක්වාලමින් පසුගිය 13 දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවට පොලීසිය නිවේදනය කර තිබුණා.

2018 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සැඟව සිටියදී 2026 මැයි 26 වන දින එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ලැබුණා. පසුව 2026 අගෝස්තු 14 වන දින ඔහුව පිටුවහල් කර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්තා.

ශිරාන් බාසික් මේවන විට දින 90 කාලයක් රැඳවුම් භාරයේ පසුවු අතර, තවත් දින 90කට ඔහුව රඳවා තබාගගෙන විමර්ශණය කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය වෙතින් අවසරය ලබාගෙන තිබෙනවා.