හින්දු භක්තිකයන් දීපාවලී උත්සවයෙන් අනතුරුව වාර්ෂිකව පවත්වන ‘සූරන් පෝර්’උත්සවය (සූරපද්මන් නම් අසුරයාට එරෙහි සටන) හැටන් ශ්‍රී ශිවසුබ්රමනියර් කෝවිලේදී අද (15) දින උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.
කන්ද ශෂ්ඨි උපවාස කාලසීමාවේ හයවන සහ අවසාන දිනය අදට (15) යෙදී ඇති බැවින්, කෝවිලේ අලුයම සිට විශේෂ ආශිර්වාද පූජා පැවැත්වුණු අතර, ඉන් අනතුරුව පස්වරු 1:00 න් පසු ‘සූරන් පෝර්’ අවස්ථාව ආරම්භ වුණා.
මෙම උත්සව කටයුතු හැටන් ශ්‍රී ශිවසුබ්රමනියර් කෝවිල් පරිශ්‍රයේ සිට හැටන් නගර මධ්‍යය දෙසට ගමන් කළා.
හැටන් නගරයේ සහ අවට ප්‍රදේශවල විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, හැටන් පොලිසිය විසින් ආරක්ෂක කටයුතු මෙහෙයවුවා.
මේ අතර, බොහෝ කාන්තාවන් තම ආගමික භාරයන් ඉටු කිරීමක් ලෙස ‘තී චට්ටි’ (ගිනි අඟුරු පිරවූ භාජන) රැගෙන මෙම චාරිත්‍රවලට එක්ව සිටියා.
තවද, (16) දින හැටන් ශ්‍රී ශිවසුබ්රමනියර් කෝවිල් පරිශ්‍රයේ ‘පාරණෛ’ (උපවාසය අවසන් කිරීම), ‘තිරුක්කල්යාණම්’ (මුරුගන් දෙවියන්ගේ දිව්‍ය විවාහ මංගල්‍යය) සහ ‘තිරුවූන්ජල්’ (දෙවියන් ඔන්චිල්ලාවක වැඩම කරවන උත්සවය) යන අවස්ථා පැවැත්වීමට නියමිත බවට සඳහන් වෙනවා.
