Rajapura Handi Oil
Rajapura Diabetic Powder

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 321,072ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 321,072 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 3,870 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සැකකරුවන් 457 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිසිය සඳහන් කරන්නේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ 2025.10.30 දිනයේ සිට ඊයේ (14) දිනය දක්වා කාලය තුළ දී හෙරොයින් සම්බන්ධ වැටලීම් 103,399ක් සිදුකර ඇති බවයි.

එහිදී හෙරොයින් කිලෝ 2,978යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 126,114ක් සිදුකර ඇති අතර, එම වැටලීම්වල දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3748යි ග්‍රෑම් 693ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම් 274 කදී කොකේන් කිලෝ 303යි ග්‍රෑම් 875ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.