Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තදාසන්න නගරවල මත්ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ ගිහින්

රටම එකට ජාතික මෙහෙයුම නිසාවෙන් මෙරට සමාජයේ මත්ද්‍රව්‍ය සුලබතාව පහළ වැටී ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ, මනෝවෛද්‍ය අංශයේ ප්‍රධානී, මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, අමිල ඉසුරු පවසනවා.

ඒ අනුව, සමාජයේ විෂ මත්ද්‍රව්‍ය අලෙවි වන මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි, මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මීට වසරකට පමණ පෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් 5000කට පමණ අලෙවි වූ හෙරොයින් ග්‍රෑමයක මිල, මේ වන විට රුපියල් 30,000ක් පමණ වන බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට පුද්ගලයන් ප්‍රතිකාරවලට යොමුවීමේ ප්‍රවණතාවයද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහාචාර්ය, අමිල ඉසුරු වැඩිදුරටත් සඳහන් කළා.