ජනාධිපතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබුණ ද රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතිනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි දින 4 තුල තුළ එන්නත්කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන පෙන්වා දී ඇත්තේ.

ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන්ව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී කියාසිටියේ.

ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළා.

එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳ විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාව අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙනු ලැබුවා.

පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ

  1. මම වැඩකලේ හමුදාවේ දැන් විශ්‍රාම ලබා සිටිනවා. මම ලගදී ලමයකුට අසනීපවී මගේ ත්‍රිරෝද රතයෙන් ඒ ලමයා රෝහලට රැගන ගියාට පස්සේ ඒ ලමයාට කොවීඩි රෝගය වැලදී ඇති බව දැනගත්තා. පසුව මම රෝහලෙන් ගෙදර එනවිට මගේ ත්‍රිරෝද රතයේ ඇන්ජිම සිරවී එය ගරාජයකට ගෙනවිත් දමා නිවසට පැමිණියා. පසුව මා කොවීඩ් රෝගියකු රෝහලට රැගෙන ගිය නිසා කිසිදු පුද්ගලයකු අප සමග සම්බන්ද වන්නේ නැත. මාගේ පියා වයස අවුරැදු 82 පමණ වන දියවැඩියා රෝගයෙන් හා හෘද රෝගී ත්වයෙන් පෙලෙන අතර පියා රැකබලා ගන්නේ මා විසිනි. පියාගේ පදින්චිය මා පදිංචි ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 10 ක් පමණ වන අතර පසුගිය දිනයේ පියා පදිංචි ග්‍රාම සේවක වසමේ එන්නත් කරන වැඩපිලිවල ක්‍රියාත්මක වුවද මාගේ පියා රැගෙන යාමට කිසිදු පුද්ගලයකු මාගේ නිවසට පැමිණියේ නැත. එය ඉහත සහන් කල මා කොවීඩි රෝගියකු රෝහලට රැගෙන ගිය කරැණ හේතුවෙනි. මා බිරිද පාසල් යන වයසේ දරැවන් 3 දෙනෙකු සමග ගිලන්ව සිටින පියා සමගින් ජීවත්වන හෙයින් මාගේ පියා දැඩි අවදානම් තත්වයක පසුවේ. කරැණු එසේ හෙයින් මෙම වැඩපිලිවල ඉතා අගය කොට සලකන අතර ප%ායොගිකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇතැයි විස්වාස කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16