තව සති කිහිපයකින් කොවිඩ් නව ප්‍රවණතා හමුවීමක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 3 හෝ 4 ඇතුළත කොරෝනා රෝගයේ නව ප්‍රවණතාවන් මෙරටින් හමුවීමට ඉඩකඩ ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා .

මේ අවස්ථාවේදී රෝග පාලනය අත්හැර දමා ඇති නිසා එහි ප්‍රතිඵල තවත් සති තුන හතරකින් දැකගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කරනවා .

පී.සී.ආර්.වාර්තා ප්‍රමාණය හෝ දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය මත මෙරට සිටින කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයි යන්න කිසිසේත්ම නිගමයකට එළැඹිය යුතු නැති බවත් එම සංඛ්‍යා ලේඛන වැරදීමට වුවද ඉඩකඩක් ඇති බවත් රවී කුමුදේශ් මහතා පවසනවා.

මේ උදාවී ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඔවුන්ටම පැවරුණු කාලයක් නිසා සංඛ්‍යා ලේඛන මත පදනම්ව ආරක්ෂාවේ බැමි කිසිසේත්ම ලිහිල් නොකළ යුතු බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කරනවා.

වළෙන් ගොඩ ඒමට දඟලන පිරිස නැවතත් වළටම ඇද දමන්නාක් සේ අමාරුවෙන් රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ පසු ව්‍යාපාරික වුවමනාවන්ට මුල් තැන දෙමින් කටයුතු කිරීම තුළ රෝග පාලනය ගිලිහෙන බවත් එක රැල්ලක අවසානය අත්හැරීම තුළ ස්වාභාවික සංසිද්ධියක් සේ නව රැල්ලක් ඇති වන බවද රවී කුමුදේශ් සඳහන් කරනවා.

මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවල අවධානය වෙනතකට යොමුව ඇති නිසා රටට අවසාන වශයෙන් නිකුත්වන දත්ත නැවත අවිධිමත් භාවයකට පත් වී ඇතැයිද සභාපතිවරයා පවසනවා.

දිගින් දිගටම අවිධිමත් අයුරින් දත්ත නිකුත් කිරීම තුළ මාර්තු අප්‍රේල් මාසවල මෙන් තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26