ඩ්‍රෝන් ටැක්සියේ මුලින්ම ගිය ඇමති අනුර

මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිතය දකුණු ආසියාවේ පළමු මගී වාණිජ ඩ්‍රෝන සේවාවේ නිල අත්හදාබැලීම අද (11) සිදුකළා.

ඒ, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ දී මෙම නිල අත්හදාබැලීම සිදුකළ අතර, මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පළමු පරීක්ෂණ පියාසැරියට එක්වීමට අමාත්‍ය අනුර කරුණාතිලකට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.