උණවටුන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හබරාදූව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී ඊයේ (10) අයිස් මත්ද්‍රව්‍ය සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත උණවටුන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 134 මිලිග්‍රෑම් 18 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 මිලිග්‍රෑම් 19 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හබරාදූව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තාවෙනවා.

සැකකරු අවුරුදු 41 ක් වන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටත් තොරතුරු අනාවරණය වෙනවා.

හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.