පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, ගාල්ල, මහනුවර ඇතුළු දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් අද (09) රාත්රී 20:00 සිට හෙට (10) රාත්රී 20:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය – පස්සර
ගාල්ල දිස්ත්රික්කය – නාගොඩ
කෑගල්ල දිස්ත්රික්කය – දැරණියගල, දෙහිඕවිට
නුවරඑළිය දිස්ත්රික්කය – නිල්දන්ඩාහින්න, වලපනේ, අඹගමුව කෝරලේ
මහනුවර දිස්ත්රික්කය – උඩුදුම්බර
රත්නපුර දිස්ත්රික්කය – ඇහැලියගොඩ, ඇලපාත, අයගම, වැලිගෙපොල
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය – මීගහකිවුල, ඇල්ල
කොළඹ දිස්ත්රික්කය – පාදුක්ක, සීතාවක
ගාල්ල දිස්ත්රික්කය – තවලම, ඇල්පිටිය, කරන්දෙනිය
කලුතර දිස්ත්රික්කය – වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, අගලත්ත
මහනුවර දිස්ත්රික්කය – උඩුනුවර, තුම්පනේ, මිණිපේ, යටිනුවර, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්රික්කය – අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, වරකාපොල
නුවරඑළිය දිස්ත්රික්කය – මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, නෝර්වුඩ්
මොණරාගල දිස්ත්රික්කය – වැල්ලවාය
රත්නපුර දිස්ත්රික්කය – ගොඩකවෙල, කොලොන්න, බලන්ගොඩ, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට
අධික වර්ෂාවත් සමඟ මෙම ප්රදේශවල නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, අදාළ ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටිනවා.
එම ප්රදේශයෙන් හි ඇති මාර්ගවල ගමන්ගන්නා වාහන රියදුරන් ද විමසිල්ලෙන් ගමන් කරන ලෙසට දන්වා තිබෙනවා.
