හැටන් නගරයට අද දහවල් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ඔය පිටාර ගැලීම නිසා පීලිඅතර ප්රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.
මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්රදේශයේ නිවාස 20 කට අධික ප්රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, අසරණව සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්රියාත්මක වෙනවා.
හැටන් – දික්ඔය නගර සභාවේ උප සභාපතිවරයා සහ නගර සභා මන්ත්රීවරුන් දෙදෙනෙකු එක්ව මෙම මුදාගැනීමේ කටයුතුවල නිරත වී සිටිනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්රදේශයේ තවත් ආපදා රැසක් වාර්තා වී ඇති අතර ජනජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
