රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අද (09) අවසන් කරනු ලැබුවා.
ඒ, අනුව එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළේ.
එමෙන්ම සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 11 වනදාට පෙර ගොනු කරන ලෙස ද පෙත්සම්කරුවන්ට නියෝග කළා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වල වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර, මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනු ලැබීය.
පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පනත් කෙටුම්පතට අදාළ වැදගත් සංශෝධන කිහිපයක් අධිකරණයට දැනුම් දුන්නා.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියා.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන ඉවත්කර ගන්නා බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඊට අමතරව බරපතළ අපරාධ සිද්ධියට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කරගන්නා බව ද නීතිපතිවරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (09) විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි වැඩ බලන නීතිපති, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම් සිදුකරනු ලැබුවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළව තිබෙන ප්‍රකාශන අයිතිය පිළිබඳ වැරදි පමණක් එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බවයි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ.
“ස්වාමීනි… මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කළ සංශෝධන සලකා බැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමුකර කරුණු සාකච්ඡා කළා. එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමට එකඟතාවය ඇතිවුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි ඉවත් කිරීමටත් එකඟතාවය පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබාගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා.”
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදුකළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුන්නා.
තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම සුදුසු බවයි.
ඒ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් තමාගේ ද අවධානය යොමුව ඇති බවයි.
ඒ පිළිබඳව තමන් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදෙන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
