රුවන්වැලි මහා සෑ පුදබිම අබියස පැවැත්වෙන සත්‍යග්‍රහය සම්බන්ධ නඩු විභාගය එළඹෙන 20වනදා තෙක් කල් දමා තිබෙනවා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අසල පැවැත්වෙන සත්‍යග්‍රහය නවත්වා අට්ටාල ඉවත් කර කරගන්නා ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයට කරුණු දක්වමින් අද දින පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් විසින් නීතිඥවරු මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීම සිදු කෙරුණා.
එම අවස්ථාවේදී අධිකරණයේ කරුණු දැක්වු නීතිඥවරුන් විසින් මෙම වර්ෂාපතනය මධ්‍ය යේ එම අට්ටාල ඉවත්කිරීම මගින් භික්ෂුන් වහන්සේලා වර්ෂාවෙන් පීඩා විඳිය හැකි බවට සඳහන් කරමින්, එම නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය වෙතින් ඉල්ලීමක් කළා.
එහෙත් මෙම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට නොහැකි බවටත්, මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමටත් නැවත මේ සම්බන්ධයෙන් 20 වන දිනට නඩු විභාගය කැඳවීමටත් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දී තිබෙනවා.
මෙම නියෝගයට එරෙහිව මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නීතිඥ සමන් ගලප්පත්ති ප්‍රකාශ කරනවා.










