දෙණියාය – බෙවරලිය ප්රදේශයේ දොළක ගිලී අතුරුදන්ව සිටි ඉතිරි පුද්ගලයාගේ සිරුරත් හමුවූ බව පොලිසිය පවසනවා.
මේ අනුව එම සිද්ධියෙන් පුද්ගලයන් හතරදෙනෙක් මියගිහින් තිබෙනවා.
විනෝද චාරිකාවක් සඳහා දෙණියාය ප්රදේශයට පැමිණි පිරිසක් ඊයේ (07) දිනයේදී දොළ මාර්ගයකින් දිය නාමින් සිටින අතරතුර එක්වරම දොළ මාර්ගයේ ජල ධහරාව වැඩි වීම හේතුවෙන් ජල පහරට ගසා ගෙන යාමේ සිද්ධියක් වාර්තා වී තිබුණා.
මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ කොළඹ, කොල්ලුපිටිය ප්රදේශයේ පිහිටි පරිඝණක ආයතනයක සේවය කරන පිරිසක්.
එලෙස ජල පහරට හසුව ගසාගෙන 06 දෙනෙක් අතරින් පුද්ගලයන් දෙදෙනෙක් නැවත ගොඩට පැමිණ ඇති අතර, තවත් සිව්දෙනෙක් අතුරුදන්ව සිටියා.
දිය පහරට හසුව බේරුණු දෙදෙනාට ද බරපතල තුවාල සිදුව ඇති අතර ඔවුන්ව ද රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස අතුරුදන් වූ සිව් දෙනා අතරින් තිදෙනෙකුගේ නිසල සිරුරු අද පෙරවරුවේ හමුවී තිබෙනවා.
අතුරුදන් වූ අනෙක් පුද්ගලයා ද මළ සිරුර ද අද සවස්වරුවේ සොයා ගත් බවට වාර්තාවෙනවා.
