නවගමුව පත්තිනි දේවාලය අසළ අද සවස ගසක් කඩාවැටීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, වාහන හතරකටද දැඩි හානි සිදුවී තිබෙනවා.
අද (08) සවස් කාලයේ වර්ෂාවත් සමග පැමිණි දැඩි සුළඟ හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
එම ගසක් කඩා වැටීමෙන් නවගමුව පත්තිනි දේවාලය පිටුපස නවතා තිබූ වෑන් රථයක් ඇතුලු රථ වාහන හතරකට දැඩි හානි සිදුවු අතර, පුද්ගලයින් තිදෙනෙකු නවගමුව ප්රාදේශීය රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසනවා.
එලෙස රෝහල් ගත කල තිදෙනාගෙන් දෙදෙනෙකු බරපතල තත්වයේ සිටින බවද වාර්තා වනවා.
වෑන් රථ දෙකක් මෝටර් රථයක් සහ ත්රීරෝද රථයකට මෙලෙස දැඩි හානි සිදුව ඇති බවටත් පොලීසිය ප්රකාශ කරනවා.
