ගල්කිරියාගම අනාරක්ෂිත වගා ළිඳක වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වේ

ගල්කිරියාගම පොලිස් වසමට අයත් උපුල්වෙහෙර ප්‍රදේශයේ ගෙවත්තක තිබූ අනාරක්ෂික වගා ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද(08) දහවල් සොයා ගනු ලැබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමට අයත් මානේරුව උපුල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි එක්දරු පියෙක් බවට අනාවරණය වෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව මිය ගිය පුද්ගලයා පදිංචිව සිටි නිවස පිහිටි ගෙවත්තේ ඇති අණාරක්ෂිත වගා ළිඳ තුළ තිබී එම මළසිරුර සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සොයාගත් එම මළසිරුර අද(08) දහවල් එම වගා ‍ෙළිඳෙන් ගොඩට ගැනීමට පොලීසිය පියවර ගත් අතර සිද්දිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත ප්‍රියංග බී ඒකනායක විසින් පවත්වනු ලැබුණා.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය අනුව පොලිසිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා එම මළ සිරුර කැකිරාව දිසා රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළා.

සිද්දිය සම්බන්ධයෙන් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිණියගේ ද සහය ඇතිව ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලකගේ ඉල්ලීම පරිදි තඹුත්තේගම පොලිස් සොකෝ ඒකකය ද විමර්ශන සිදුකළා.

මෙම මරණය පය ලිස්සා ගොස් වගා ළිඳ වැටීමේ හේතුවෙන් සිදුවු මරණයක් බවට විමර්ශණවලදී තහවුරු කරගෙන ඇති බවට ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක ප්‍රකාශ කරන අතරම, සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් බවටත් ප්‍රකාශ කරනවා.