ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 11 වනදා පමණ වනවිට කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මනයවිමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම කැළඹිලි සහගත තත්ත්වය නොවැම්බර් 13 පමණ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා නිර්මාණය වී නොවැම්බර් 15 වන දිනය පමණ වනවිට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධන විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නියෙලෙන ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
