පිලිපීනයට සුපර්සොනික් බ්‍රහ්මෝස් කෲස් මිසයිල අලෙවිය පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව අවසන් අදියරේ සාකච්ඡා පවත්වමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව, මිසයිල පද්ධති පහක් පමණ සහ මිසයිල 60කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට පිලිපීනය අපේක්ෂා කරන අතර, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700ත් 800ත් අතර විය හැකි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙය 2022 වසරේ අත්සන් කළ ඩොලර් මිලියන 375ක පළමු ගිවිසුමට වඩා සැලකිය යුතු ඉහළ වටිනාකමක් වනවා.
ඉන්දියාව සහ රුසියාව එක්ව නිෂ්පාදනය කරන බ්‍රහ්මෝස් මිසයිල ලොව වේගවත්ම කෲස් මිසයිල අතරට අයත්.
ගොඩබිම, මුහුද සහ ගුවනේ සිට එල්ල කළ හැකි මෙම මිසයිල පද්ධතිය පිලිපීනයේ වෙරළබඩ ආරක්ෂක හැකියාව ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතයි.
මෙම මිලදී ගැනීම වාර්තා වන්නේ දකුණු චීන මුහුදේ චීනය සහ පිලිපීනය අතර භෞමික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින මතභේද සහ ගැටුම් උත්සන්න වීමත් සමඟ පිලිපීනය සිය හමුදා ශක්තිය වැඩි කිරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.
