ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කඩිමුඩියේ සම්මතකර ගැනීමේ අවශ්‍යතාවක් රජයට නැහැ – ජනපති

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කර ගැනීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ දී අද (07) පැවති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

මෙම පනත් දෙක සම්බන්ධයෙන් කලබල වී සිටින ඕනෑම පාර්ශ්වයක් සමඟ සාකච්ඡාවට සූදානම් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මෙම නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කැමැත්ත මෙන්ම ජනතාවගේ කැමැත්ත ද අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ බව හඳුනාගෙන කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව ජනතාවගේ සංවිධාන සමඟ සාකච්ඡා කිරීමකින් තොරව මෙම පනත් දෙක පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නා බවයි නුර කුමාර දිසානායකජනාධිපතිවරයා අවධාරණය කළේ.