එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සමජිකයෙක් වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් ‘කයිවාරු මුතු’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුගේගොඩ , බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මෙම සැකකරු ඉකුත් 2020.11.04 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර, ඉන්පසුව එරට වැසියෙකු සමඟ ගැටුමක් ඇතිකර ගෙන අධිකරණය මඟින් වැරදිකරු වී බන්ධනාගාර ගත වී සිටි අයෙක්.
මොහු බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් පසු අද (06) අලුයම 1.50ට කටුනායක ගුවන්තොටුපොළ වෙත එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා තිබුණා.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ ගුවන් ගමන් තහනමක් මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීගේ දැනුම්දීමක් මත, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.
කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු මිනීමැරීම් ගන්නාවකට සහ තවත් අපරාධ රැසකට විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.










