පරිගණක ආධාරයෙන් නීති විරෝධීව මුදල් ජාවාරමේ නිරතවූ වූ චීන ජාතිකයින් පිරිසක් රැඳී සිටි පානදුර ප්රදේශයේ සංචාරක හෝටලයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
රාජ්ය බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබුණා.
මෙම වැටලීමේදී චීන ජාතිකයින් පිරිස භාවිතා කරන ලද පරිඝනක සහ අනෙක් විද්යුත් උපකරණ රැසක් විමර්ශන නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත ලෙස වාර්තා වී නැහැ.










