මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ අද (03) කොළඹ මහාධිකරණය හමුවේ ප්රකාශ කළා.
එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.
