මහ කන්නයට අවශ්‍ය පොහොරවල කිසිදු හිඟයක් නැහැ

මහ කන්නයට අවශ්‍ය පොහොර වර්ගවල කිසිදු හිඟයක් නොමැති බවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ,

මහ කන්නය සඳහා පොහොර ඛෙදාහැරීම පටන්ගෙන තිබෙන අතර, මේ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසක් අවශ්‍ය බවට ගණන් බලා තිබෙනවා.

දැනට ප්‍රාදේශිය මට්ටමින් මෙට්‍රික් ටොන් 33දහසක් පමණ බෙදාහැර ඉවරයි . තවත් මෙට්‍රික් ටොන් 43 දහසක් පමණ සමාගම් සතුව පවතිනවා.

ඊට අමතරව පසුගිය මාසයේ අගභාගයේදී පොහොර නැව් තුනක් වරායට ඇවිත් , ඒවායින් මේ වනවිට පොහොර ගොඩබානවා.

ඒ නැව් තුනේ යුරියා මෙට්‍රික් ටොන් 98 දහස් 700ක ප්‍රමාණයක් තිබෙනවා.

නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා යුරියා මෙට්‍රික් ටොන් හතලිස් හතර දහසක් ආනයනය කිරීමට ඇනවුම් ලැබිලා තියෙනවා.

ඒ අනුව මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහඅට දහසක ප්‍රමාණයක් මේ කන්නයේදී භාවිතා කරන්නට හැකිවෙනවා. ඒත් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ යූරියා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසක් පමණයි

ඒ හින්දා යූරියා පොහොරවල කිසිදු ආකාරයක හිඟයක් නැහැ. අතිරික්තයක් නම් පවතිනවා.

ඒ වගේම මඩ පොහොර ගැන බැලුවම ආනයනික ටී.එස්.පී. පොහොර හාරදහස් තුන්සීය අනුහයක් හා දේශිය නිෂ්පාදිත එස්.එස්.පී. මෙට්‍රික් ටොන් 511ක් බෙදා හැර තිබෙනවා.

තවදුරටත් සමාගම් සතුව ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 16,700ක් පමණද, එස්.එස්.ප.ී පොහොර මෙට්ට්‍රික් ටොන් 5000ක් පමණත් පවතිනවා.

තවත් මෙට්‍රික් ටොන් පන්දහසක් පමණ නිෂ්පාදනය වෙමින් පවතිනවා.

අපට අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් විසිපන්දහසයි. ඒ නිසා අපට මඩ පොහොරත් අතිරික්තව තිබෙනවා.

බණ්ඩි පොහොරත් අවශ්‍ය ප්‍රමාණයට පවතිනවා.

ඒ නිසා මහ කන්නයේ අවශ්‍ය තරම් පොහොර තිබෙනවා. කිසිම හිඟයක් නැහැ යනුවෙන්ද සදහන් කරනවා.