මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි මස 28 වනදා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා.
මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, පී.ඒ.ටී බංඩාර සහ නුවන් ධම්මික දිසානායක යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවනු ලැබුවා.
2015 වසරේ පෙබරවාරි 02 වැනිදා බැඳුම්කර වෙන්දේසිය තුළීන් රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරිම ඇතුළු අධි චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර,අර්ජුන් ඇලෝසියස්, ඇතුළු 10 දෙනෙකුට මෙම නඩුව පවරා තිබෙනවා.
නඩුවේ පළවෙනි විත්තිකරු අර්ජුන් මහෙන්ද්‍රන් සහ හයවන විත්තිකරු අධිකරණ හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් නොමැති නඩු විභාගය පැවැත් වෙනවා.
සිද්ධියට අදාළ දෙවන චූදිත මූලික විරෝධතා ගොනු කර ඇති බවත් මූලික දේශන ඉදිරිපත් කිරීමට ඉදිරි දිනයක් ලබාදෙන බවද විනිසුරුවරයා දන්වා සිටියා.
