නිවසකට ඇතුළු වූ හොරෙක් නිදා සිටි කාන්තාවක් දූෂණයකර රන් මුදුවක් අරන් පැනලා

නිවසකට හොර රහසේ ඇතුළු වී එහි නිදා සිටි කාන්තාවක් දූෂණයකර රුපියල් 345,000ක් වටිනා රන් මුදුවක් සොරකම් කර පලා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට දංකොටුව පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 31 වනදා රාත්‍රියේ ආහාර ගෙන තමන් නින්දට ගිය බවත්, පසුදින අලුයම් කාලයේ කිසිවෙකු තමන් හා ලිංගිව එකතු වූ බවත්,ඒ තම සැමියා යැයි සිතා නිහඩව සිටි බවයි සිදුවීමට මුහුණ පෑ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

තමා සමඟ එලෙස ලිංගික එක්වූ පුද්ගලයා එක්වරම ඇදෙන් පැන පලායාම නිසා සොයාබලන විට සැමියා නිවසේ වෙනත් කාමරයක නිදා සිටි බව ද ඇය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුව දෙදෙනාම සොයා බලන විට නිවසේ තිබූ තම රන් මුදුව අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබුණු බවයි ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

නිවසේ මුළුතැන්ගේ ජනේලයකින් ඇතුළු වී ඇති පුද්ගලයෙක් මෙම සොරකම සහ ලිංගික අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය විසින් කරන ලද විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

දංකොටුව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.