දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඊට අමතරව බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නවතම කාලගුණ අනාවැකියට අනුව, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරාසු’ සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි දැනුම් දෙන්නේ.
