මධ්යම පළාතේ සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්යාපාර ක්ෂේත්රයන්හි සංවර්ධනය වේගවත් කිරීමටත්, විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ පළාතේ ව්යවසායකයින්ට ජාත්යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘An Evening with Diplomats’ රාජතාන්ත්රික හමුවෙහි මූලික අදියරෙහි හමුවක් පසුගිය සිකුරාදා (30) දින මධ්යම පළාත් සභා ශ්රවණාගාර පරිශ්රයේ දී පැවැත්විණි.
අග්නිදිග ආසියානු කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ආසියාන් (ASEAN) සංගමයට අයත් වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේෂියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් පහක තානාපතිවරුන් සහ නියෝජිතයින් පිරිසක් මේ සදහා එක්ව සිටියා.
මධ්යම පළාතේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම, කුඩා ව්යාපාර හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා විදේශීය ආයෝජන අවස්ථා උදාකර ගැනීම මෙන්ම පළාතේ ව්යවසායකයින්ට ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ප්රවේශ වීමට අවශ්ය සම්බන්ධතා ගොඩනැඟීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු අතර වෙනවා.
එම අවස්ථාව සදහා මධ්යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු, මධ්යම පළාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ ඇතුළු ප්රධාන ඇතුළු අධ්යාපන අමාත්යාංශය, සෞඛ්ය අමාත්යාංශය, කෘෂිකර්ම අමාත්යාංශය, කර්මාන්ත අමාත්යාංශය, මාර්ග අමාත්යාංශය යන අමාත්යාංශ වලට අයත් ලේකම්වරුන් ද සහභාගිවුණා.
