කඩවත දී ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි – බාලවයස්කරුවෙකුට තුවාල

කඩවත, ගෝනහේන හන්දිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් අයෙක් තුවාල ලබා තිබෙනවා.

ගෝනහේන හන්දිය ප්‍රදේශයේ අද (31) පස්වරුවේ පොලිස් නිලධාරින් පිරිසක් රථ වාහන රාජකාරිවල නිරතව සිට ඇති අතර, එහිදී එම ස්ථානයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයකට නවත්වන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිස් අණ නොතකා අදාළ ත්‍රීරෝද රථය ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමේ දී වයස අවුරුදු 16ක බාලවයස්කරුවෙකුට වෙඩි වැදී බවයි වාර්තා වන්නේ.

ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත අතුළත් කර තිබෙනවා.

මෙහිදී එක් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.